1948 පෙබරවාරි 04 වෙනිදා ලද නිදහස සම්පූර්ණයෙන්ම පූර්ණත්වයට පත්කරමින් එතෙක් පැවති අධිරාජ්‍යවාදී බැඳීම් අවසන්කොට එංගලන්තයේ රජුට හෝ රැජිනට යටත් දේශයක්ව පැවති අප රටට නිදහස් ස්වෛරී ස්වාධීන ජනරජයක් බවට එවක අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ප්‍රකාශයට පත්කළේ අද වැනි දිනකය. ඒ 1972 මැයි 22 වෙනිදාය. එදා එම ව්‍යවස්ථාව සම්පාදනය කරන්නට කැපවූයේ එවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ඇමැතිවරයා වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ය.
මේ ලිපිය අතීතය සිහිගැන්වීමකි.
මැයි මස 22 වැනිදා, ශ්‍රී ලංකාව විසින් සමරනු ලබන ඉතා වැදගත්ම දිනයක් විය යුතුව ඇත. මන්ද රට සම්පූර්ණයෙන්ම ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් බවට පත්වී ජනරජයක් බවට පත්වූයේ 1972 මැයි 22 වැනිදා දිනයේදී නිසාය. 1951 සිට ඉන්දියාව ජනරජ දිනය සැමරුවත් අප ජනරජ දිනය සමරන්නේ නැත්තේ ඇයිද යන්න ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව ද බි්‍රතාන්‍යය කිරීටයෙන් නිදහස් වූ දිනය සමරනු ලබන නමුත් සෑම වසරකම වෙනම දිනයකදී එක හා සමානව හා තේජසින් යුතුව ඉන්දියාව ජනරජ දිනය සමරනු ලැබේ. පෘතුගීසීන්, ලන්දේසීන් සහ අවසානයේ බි්‍රතාන්‍යයන් යටතේ යටත් විජිතයක් ලෙස වසර 450කට ආසන්න කාලයක් ගත වූ පසු (දළ වශයෙන් අවුරුදු 150 බැගින්) 1948 දී බි්‍රතාන්‍යය යන්ගෙන් නාමික ස්වාධීනත්වයක් ලැබුණි. නමුත් එය ව්‍යාජ නිදහසක් පමණක්වන අතර, තවදුරටත් ඩොමීනියානු තත්ත්වය තුළ අප රැඳී සිටියේය. නොහොත් අර්ධ ජනරජයකි. බි්‍රතාන්‍යය අධිරාජයා දිගට ම රාජ්‍ය නායකයා ලෙසත්, මිලිටරි බලය හා අධිකරණයත් බි්‍රතාන්‍යයන් අතේ රැඳී තිබුණේ එක්සත් රාජධානියේ ප්‍රිවි කවුන්සිලය අවසාන අභියාචනාධිකරණයවන බැවිනි. නමුත් ශ්‍රී ලංකාව ස්වෛරී හෝ ස්වාධීන නොවූ නමුත් අපි පෙබරවාරි 4 වැනිදා ජාතික නිදහස් දිනය ලෙස දිගට ම සමරන්නෙමු.
ඉන්දියාවට ද 1947 දී බි්‍රතාන්‍යයන් විසින් විධිමත් නිදහසක් ලැබුණ ද ජාතික මනසක් ඇති ඉන්දියානු ධනවාදී පන්තිය බි්‍රතාන්‍යය ධනවාදී පන්තියට යටත් වීමට අකමැති වූ අතර, අරගලයට ජනතාව බළමුලු ගැන්වීම සඳහා කොංග්‍රස් පක්ෂයට (ගාන්ධි සහ නේරුගේ නායකත්වයෙන් යුතු) සහ මාධ්‍යයට පූර්ණ සහයෝගය දැක්වීය. බි්‍රතාන්‍යය පාලනයට එරෙහිව, කෙටි කාලයක් තුළ රිපබ්ලිකන් ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට ආචාර්ය අම්බෙඩ්කර්ට හැකි වාතාවරණයක් නිර්මාණය විය. ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍යය පාලනයට එරෙහිව සටන් කරමින් සිටි ලංකා සම සමාජ පක්ෂය තහනම් කරන ලද අතර, එහි නායකයන් වන එන්.එම්. කොල්වින්, පිලිප් සහ එඩ්මන්ඩ් සිරගත කරන ලදී. නාමික නිදහස ලබා ජනරජයක් වීමට ශ්‍රී ලංකාවට වසර 24ක් ගතවිය. එයට බොහෝ බාධක ජයගත යුතුව තිබුණි. බි්‍රතාන්‍යයයේ පිටුබලය නිසා බෙදී ගිය ජනතාවක් එක්සත් කිරීමට ගත් උත්සාහය ඒ අතර ප්‍රධාන විය. සංසන්දනාත්මකව බැලීමේදී අසාධාරණ ආකාරයකින් හෝ අශෝභන ලෙස (අල්ලස්, දූෂණ, මැර, මැතිවරණ හැසිරවීම සහ වැරදි තොරතුරු) ආණ්ඩු පිහිටුවීම මගින් එක්සත් ජාතික පක්ෂය වසර 19ක් (ඉහත අවුරුදු 24න්) රජයේ බලය රඳවාගත් අතර රට ජනරජයක්වීමට එය එක් ප්‍රධාන හේතුවක් විය. මේ අනුව ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා 1970 දී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – ලංකා සම සමාජ පක්ෂය – කොමියුනිස්ට් පක්‍ෂය, සමගි පෙරමුණ ආණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා ලෙස ජනරජ ව්‍යවස්ථාව කෙටුම්පත් කරන ලදී. සියලු දේශපාලන මතයන් මෙන්ම ජනතාවගේ නියෝජනයන් ද සහිතව වසර දෙකක් පුරා පැවැති වෙනම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් ජනරජ ව්‍යවස්ථාව කෙටුම්පත්කර 1972 දී සම්මත කරගන්නා ලදී. ඒ අනුව, 1972 මැයි 22 වැනිදා ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්විය. එය ශ්‍රී ලංකාව ලැබූ සැබෑ නිදහස වෙයි. එසේ නම්, තවදුරටත් නිදහස් දිනය ලෙස පෙබරවාරි 4 වැනිදා සැමරීමට ලක් නොකර, සැමරිය යුතුව ඇත්තේ ජනරජ දිනය වන මැයි 22
වැනිදා ය. ඇත්ත වශයෙන්ම කොල්වින්ට මෙහිදී දැඩි විරෝධය ජය ගැනීමට සිදු විය. 1972 දී සිය කාර්යයන් අතර තුර අමාත්‍යවරයකු වශයෙන් බි්‍රතාන්‍යයන් සතු වූ වතු ජනසතු කිරීමේ දී සහ අක්කර 50ට වැඩි ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට පවරා ගැනීම සඳහා කොල්වින් සුවිසල් කාර්යභාරයක් ඉටු කළේය. ඉඩම් නොමැති දුප්පතුන් වෙත ඉඩම් ලබාදීම නිදහස් කිරීම සඳහා මෙන්ම එක්සත් රාජධානියට පක්ෂපාතීත්වය දැක්වූ ධනේශ්වර පන්තිය විසින් රටේ සම්පත් සූරා කෑමට පහසුකම් සපයන සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන ඇතිකර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා කොල්වින් ලංකා සම සමාජ පක්ෂයේ නායකයකු ලෙස කටයුතු කිරීම නිසා ධනේශ්වර පන්තිය ඔවුන්ට සිදුකරන තර්ජනයක් ලෙස සලකනු ලැබීය. එම නිසා ඔහුගේ කාර්යයට බාධා කිරීමට ඔවුන් හැකි සෑම දෙයක්ම කළේය.
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අත්සන් ලේඛනය
සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බි්‍රතාන්‍යය පාලනයේ උරුමය අඛණ්ඩව රටේ පැවැතියේ ආණ්ඩුකාරවරයකු සමඟ ය. බි්‍රතාන්‍යය ජාතිකයන් දෙදෙනකු වන මුවර් (1948-49) සහ සෝල්බරි සාමිවරයා (1949-54) ගෙන් පසුව ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුවන ඔලිවර් ගුණතිලක (1954-62) සහ විලියම් ගොපල්ලව (1962-72) එම සම්ප්‍රදාය පවත්වාගෙන ආණ්ඩුකාර ධුරයට පත්වූහ. කොල්වින්ට මෙම සම්ප්‍රදායන් බිඳ දැමීමට සිදු වූ අතර ඔහු එසේ කළේ නව ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් පිටත රැස්වූ වසර දෙකක ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් රැස්කිරීමෙනි. ආණ්ඩුකාරවරයා වෙනුවට ඉන් පසු ජනාධිපතිවරයකු පත් කරන ලදී.
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාව වෙත ස්වෛරී බව පවරා ඇත්තේ ඒ සඳහා තේරී පත් වූ පාර්ලිමේන්තුවක් හරහා ය. මේ අනුව මෙතැන් පටන් ධනේශ්වර ආණ්ඩුවේ බලය ශක්තිමත් කළ සෙනෙට් සභාව අහෝසි විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්‍ෂය, සන්ධාන රජය, අධිරාජ්‍ය විරෝධී හා ධනේශ්වර විරෝධී මාවතකට රට ගෙන යෑමට සමත් විය.
එක්සත් ජාතික පක්ෂය 1977 මහ මැතිවරණය ජයග්‍රහණය කළ අතර, ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් ජනරජ ව්‍යවස්ථාව ඉවත දමා 1978 ව්‍යවස්ථාව මගින් සියලු බලය විධායක ජනාධිපතිවරයකුට පවරන ලදී. ව්‍යවස්ථාදායක හා විධායක බලතල ඇති ජනතාව විසින් තේරීපත් වූ පාර්ලිමේන්තුවෙන් බලය එක් ජනාධිපතිවරයකු වෙත මාරු කරන ලදී. අද ජනරජ දිනය අප සමරන මොහොතේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ නාමයද සිහි කළ යුතුමවේ.
ලංකා සම සමාජ පක්‍ෂයේ නායක
මහාචාර්ය තිස්ස විතාරණ