රිට්ස්බරි – ජෝන් ටාබට් කනිෂ්ඨ ශූරතා අද නිමා වේ

29

“රිට්ස්බරි – ජෝන් ටාබට් අභියෝග කුසලාන” කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පළමු කලාප තරගය ඊයේ (13දා) යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයේ දී ආරම්භ කෙරුණු අතර එහි නිමාව අද (14දා) සිදු කෙරේ.

උතුරු පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් මෙම තරගාවලිය සඳහා සහභාගි වෙමින් තම දක්ෂතා උරගා බලන ආකාරය ආරම්භක දිනයේ දී දක්නට ලැබිණි. ඒ අනුව උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් “ජොන් ටාබට් අභියෝග කුසලාන” අවසාන වටයට තෝරා ගන්නා බව ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය නිවේදනය කළේය. මෙවර “රිට්ස්බරි – ජෝන් ටාබට් අභියෝග කුසලාන” අවසන් වටයේ තරගාවලිය ලබන නොවැම්බර් 22 සිට 25 දක්වා ක්‍රියාත්මක කෙරේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment