ලංකා ඔටෝමොබයිල් සංගමය විසින් පවත්වනු ලැබූ මාර්ග සුරක්ෂා වැඩසටහනේ පසුගියදා මාතලේ මාරක මහා විද්‍යාලයේදී පැවැත්විණි. සිසු දරුවන්, ගුරුවරුන් හා දෙමාපියන් සහභාගිවූ මෙම වැඩසටහනේදී මහමඟ අනතුරු වළක්වා ගැනීමට නිවැරදිව මාර්ග නීති අනුගමනය කරන ආකාරය රථවාහන පොලිස් නිලධාරීන් විසින් පැහැදිලි කරනු ලැබීය. මෙම වැඩසටහන අවසානයේ පාසල් සිසු දරුවන්ට හෙල්මට් බෙදාදීමක් ද සිදු කරනු ලැබීය.
ලංකා ඔටෝමොබයිල් සංගමයේ සභාපති ධම්මික ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ වැඩසටහන සඳහා විධායක කමිටු සාමාජික හා නුවර දිස්ත්‍රික් ඔටෝමොබයිල් සංගමයේ සභාපති පී. බී. කුලරත්න, මාරක මහා විද්‍යාලයේ විදුහල්පති වයි. ජී. වෛද්‍යතිලක, මාතලේ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධරීහු ද සහභාගි වූහ.