ලංකා බැංකුව ‘BOC Little Picasso’ තරගයේ ජයග්‍රාහකයන් අගයයි

14

ලංකා බැංකුව දේශීය දරු පරපුරේ නිර්මාණශීලීත්වය පෝෂණය කිරීම අරමුණු කර ගනිමින් පැවැත්වූ ‘BOC Little Picasso’ චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කෙරුණු චිත්‍ර ප්‍රදර්ශනය සහ සම්මාන උළෙල 2025 අප්‍රේල් 3 වැනිදා සිට 5 වැනිදා දක්වා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි. මෙම චිත්‍ර තරගය සඳහා රට පුරා දරු දැරියෝ සහ ගුරුවරු 132,000කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ. ක්‍ෂේත්‍රය පිළිබඳ නිපුණයන්ගෙන් සැදුම්ලත් කමිටුවක සුවිශේෂී තේරීම් ක්‍රියාවලියකින් අනතුරුව ජාතික මට්ටමේ ජයග්‍රාහකයන් 73 දෙනකු සඳහා සම්මාන හා ත්‍යාග පිරිනැමුණු අතර, පළාත් මට්ටමේ ජයග්‍රාහකයන් 715 දෙනකුට සහතික පත් පිරිනැමීමට නියමිත ය.

‘BOC Little Picasso’ වැනි වැඩසටහන් හරහා මෙරට තාරුණ්‍යයේ නිර්මාණශීලී හැකියාවන් ඔප්නැංවීමට නිරන්තරයෙන් කටයුතු කරන ලංකා බැංකුව, ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ මූල්‍ය සහකරුවා වෙමින් ඔවුන්ට සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැංවීමට නිබඳව ම කැප වෙයි.

ලංකා බැංකුව 'BOC Little Picasso' තරගයේ ජයග්‍රාහකයන් අගයයි
ලංකා බැංකුව 'BOC Little Picasso' තරගයේ ජයග්‍රාහකයන් අගයයි
ලංකා බැංකුව 'BOC Little Picasso' තරගයේ ජයග්‍රාහකයන් අගයයි
ලංකා බැංකුව 'BOC Little Picasso' තරගයේ ජයග්‍රාහකයන් අගයයි

advertistmentadvertistment