ලංවිම නිහඬයි – තෙවරක් සිහි කැඳවයි

170

ලබන ජුලි මාසයට අදාළ විදුලි බිල සංශෝධනය කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට මේ වන විට තුන්වැනි සිහි කැඳවීමේ ලිපියත් යවා තිබේ.

නිසි වේලාවට එම යෝජනා ඉදිරිපත් නොකළහොත් ජූලි පළමු වැනිදාට විදුලි ගාස්තු සංශෝධන ඉදිරිපත් කිරීම ගැටලු සහගත විය හැකි යැයි ද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

අප්‍රේල් මස අගදීත් මැයි මස 13 වැනිදාත් මැයි මස 21 වැනිදාත් මෙසේ සිහි කැඳවීම් ලිපි යවා තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළේ විදුලි බිලට අදාළ ආණ්ඩුවේ මාර්ගෝපදේශ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව වසරකට සිව් වරක් විදුලි බිල සංශෝධනය කළ යුතු නමුත් 2024 වසරේ අඩකට ආසන්න කාලයක් ගතවී ඇති නමුත් තවමත් මේ වසරේ ඉදිරිපත් කර ඇත්තේ එක් විදුලි ගාස්තු සංශෝධනයක් පමණක් බවයි. එම සංශෝධනය ද ලැබුණේ මාසයක් ප්‍රමාද වී යයිද හෙතෙම කීවේය. පෙබරවාරි මාසයේදී ලැබීමට තිබුණු විදුලි බිල සංශෝධනය ලැබුණේ මාර්තු මස 4 වැනිදා යැයි ද එවර අඩු කළ විදුලි බිලේ වාසිය ඒ නිසා විදුලි පාරිභෝගිකයන්ට මාසයක් අහිමි වී ගියේ යැයිද ධම්මික මහතා කීවේය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment