සති 11ක පමණ බාධාවන් මධ්‍යයේ ආධාර රැගත් ලොරි රථ ගාසා තීරයේ දේශසීමාව හරහා ගමන් කිරීමට ආරම්භ කර තිබේ .එහෙත් තවමත් එම ආධාර බෙදා හැරීම සිඳු කර නැතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ .
තිරිඟු පිටි, ළදරු ආහාර, වෛද්‍ය උපකරණ සහ ඖෂධ ඇතුළු ආධාර රැගත් ට්‍රක් රථ 93ක් ඊයේ ගාසා තීරයට ඇතුළු වී ඇති බව ඊශ්‍රායල බලධාරීන් සඳහන් කර ඇත . ගාසා තීරයේ පවතින ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා දිනකට ට්‍රක් රථ 600ක් පමණ අවශ්‍ය වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබේ .
ගාසා තීරයට එලෙස , වහා ආධාර ලබා නොදුනහොත් ළදරුවන් දහස් ගණනක් මිය යා හැකි යැයි , එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර ද අනතුරු අගවා තිබිණි .