ලෝක මාධ්‍ය නිදහසේ අංක එකේ රට බවට නෝර්වේ රාජ්‍ය පත්ව තිබේ. ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් නිකුත් කර ඇති රටවල් 180ක් ඇතුළත් ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ දර්ශකය අනුව නෝර්වේ පළමු ස්ථානයට පත්ව ඇත. එරිත්‍රියාව අවසන් ස්ථානයට පත්වී තිබේ.
මෙම ලැයිස්තුව අනුව ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි තැන පසුවන බව වාර්තා වේ. මෙම දර්ශකය අනුව මාලදිවයිනට 106 වැනි ස්ථානය හිමිවී ඇති අතර, ශ්‍රී ලංකාව 150 වැනි ස්ථානයේද, පාකිස්තානය 152 වැනි ස්ථානයේ ද, ඉන්දියාව 159 වැනි ස්ථානයේ ද පසුවේ.
චතුර පමුණුව