වටිනා ම ඉඩම්වල අයිතිකරු හෙළිවෙයි

1183

රටේ ඇති වාණිජ වටිනාකමින් වැඩි ඉඩම් සහ ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක අයිතිය මෙරට පළාත් පාලන ආයතන සතුව පවතින බවට අනාවරණය වී ඇත.

එකී පළාත් පාලන ආයතනවල මූල්‍ය ප්‍රකාශන අනුව ඒවායේ වටිනාකම රුපියල් මිලියන දෙලක්ෂ හැටදහස් හත්සිය අසූනවයකි. ඒ අනුව මෙරට මහ නගර සභා සතු වාණිජ වටිනාකමින් යුතු ඉඩම් හා ගොඩනැඟිලිවල වටිනාකම රුපියල් මිලියන 93,745කි. නගර සභාව සතුව පවතින ඉඩම් හා ගොඩනැඟිලිවල වටිනාකම රුපියල් මිලියන 43,292ක් වන අතර ප්‍රාදේශීය සභා සතු ඉඩම් හා ගොඩනැඟිලිවල වටිනාකම රුපියල් මිලියන 123,752කි.

එමෙන්ම මෙරට පළාත් පාලන ආයතන සතුව මෝටර් රථ 11,009ක් පවතින අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන 28,327කි.

ලලිත් චාමින්ද


advertistmentadvertistment