රජය විසින් ක්‍රියාත්මක කරන දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථ සාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට බලපෑමක් නොකරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ප්‍රමුඛ බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිසක් ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ප්‍රතික්‍ෂේප කරන ලෙස නීතිපතිවරයා ඊයේ (27 දා) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම පෙත්සම ඊයේ (27 දා) ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.
පෙත්සම සලකා බැලීම සඳහා ලබන 3 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළේය. එකී අරමුදල්වලින් රජය ලබාගෙන ඇති ණය මුදල් කප්පාදු නොකරන ලෙසටත් භාණ්ඩාගාර බිල්පත් හා රජයේ බැඳුම්කරවල ආයෝජනය කර ඇති මුදල් කප්පාදුවක් සිදුනොකරන ලෙසට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනා ලෙසටත් එමඟින් ඉල්ලා තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක