ශතකය ලබාගෙන මේ තරගය ජයග්‍රහණය කිරීමට හැකිවීම ගැන තමා සතුටුවන බව කුසල් මෙන්ඩිස් කියයි. පෙරේදා තරගය අවසන්වීමෙන් පසු මාධ්‍ය ඇමතූ ඔහු මෙසේද පැවසීය.
මම අවිශ්කට කිව්වේ සාමාන්‍ය පරිදි සෙල්ලම් කරන්න කියලා. මුලින් ආව ගමන් ඒ තණතීරුව සෙල්ලම් කරන්න අමාරුයි. කල්පනාවෙන් සෙල්ලම් කරපු නිසා අවිශ්කටත් ශතකයක් ලබාගන්න පුළුවන් වුණා. ඉදිරි තරගවලදීත් අවිශ්ක හොඳට ක්‍රීඩා කරයි.
අපි බැලුවේ උපරිම ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නයි. අසිත ප්‍රනාන්දු හොඳින් පන්දු යැව්වා. මහේෂ් තීක්ෂණත් හොඳින් පන්දු යැව්වා. ඕවර්ස් 27ට 220ක් ලබාගැනීම නවසීලන්තයට ලේසි නැති බව අපි දැනගෙන හිටියා.