ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය එච්.ඊ. ජූලි චන්ග් මහත්මිය ඉකුත් දිනෙක කතරගම පුද බිමේ සංචාරයක නිරත වූවාය.
ප්‍රථමයෙන් ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳපුදා ගත් ඇය කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක කොබවක ධම්මින්ද ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තාය.
අනතුරුව ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය වැඳ පුදාගෙන බස්නායක නිලමේවරයා හමු වී පුදබිමේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු නිරීක්ෂණය කළාය.
අනතුරුව බස්නායක නිලමේ වලව්වට ගොස් බස්නායක නිලමේවරයා හමුවී සමරු තිළිණ හුවමාරු කර ගත්තාය.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක