ශ්‍රී ලංකාවේ ටෙස්ට් ශූරතා අවසන් සිහිනය තවත් ඈතට

1150

නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැති අවසන් ටෙස්ට් තරගයෙන් ලකුණු 423කින් ජයගන්නට නවසීලන්තය ඊයේ සමත් විය. ඒ සමග තරගාවලිය තරග 2-1ක් ලෙස එංගලන්තයට ජයද හිමි විය. ඒ අනුව ICC ටෙස්ට් ලෝක ශුරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට හිමිව තිබූ හයවන ස්ථානය පස්වැනි ස්ථානය දක්වා පහත වැටිණි.

ඒ අනුව ICC ටෙස්ට් ලෝක ශුරතාවලියේ ශ්‍රී ලංකා බලාපොරොත්තු තවදුරටත් ඈතට විසිවී තිබේ.

මෙම එංගලන්ත – නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ මෙම තරගයේ තීරණයත් සමග ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි තැනට පැමිණීමට නවසීලන්තයට හැකියාව උදා වී තිබේ.

මෙම තත්ත්වය මත ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති ඉඩකඩ ඉතා අල්ප මට්ටමක පවතියි.

ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන ඕස්ට්‍රේලියාවටත් දෙවැනි තැන ඉන්දියාවත් තෙවැනි තැන දකුණු අප්‍රිකාවටත් හිමිවී තිබේ.

සුසිල් ජයකොඩි

සංස්කරණය – සුසිල් ජයකොඩි


advertistmentadvertistment