නුසිත් කුමාරතුංග (සභාපති ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්) / චන්දන එල්. අලුත්ගම (සමූහ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්)
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආයතනය රුපියල් බිලියන 26.3 ක ජීවිත රක්ෂණ වාරික ආදායමක් (GWP) වාර්තා කළ අතර එය පසුගිය වර්ෂයට සාපේක්ෂව 25% ක ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇත. 2024 දෙසැම්බර් 31 දිනට, නව ව්‍යාපාර ආදායම රුපියල් බිලියන 5.3 ක් ලෙස වාර්තා කිරීමට
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමත් වූ අතර එය 48% ක වර්ධනයකි. මෙය ආයතනයේ ඉතිහාසය තුළ මෙතෙක් වාර්තා කළ වැඩිම නව ව්‍යාපාර ආදායම වේ.
පාරිභෝගිකයින් වෙත ලබා දුන් පොරොන්දු ඉටු කරමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 දී රුපියල් බිලියන 13.7 ක හිමිකම් සහ කල්පිරීම් ප්‍රතිලාභ ගෙවීම් ලබා දුන් අතර, මෙම ප්‍රතිඵල සමාගමේ මූල්‍ය ශක්තිය සහ එහි වගකීම් ඉටු කිරීම සඳහා ඇති කැපවීම් පෙන්නුම් කරයි. මෙරට දැවැන්තම සහ ශක්තිමත්ම රක්ෂකයා ලෙස තම ස්ථානය තවදුරටත් තහවුරු කරමින්, SLICLL සිය වත්කම් පදනම රුපියල් බිලියන 237 දක්වා පුළුල් කරගැනීමට සමත් වූ අතර, එහි ජීවිත අරමුදලද රුපියල් බිලියන 213.2 දක්වා වර්ධනය කර ගන්නා ලදී. ආයතනික පරිවර්තනයන් සහ අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ මෙම සියලු ජයග‍්‍රහණ ලැබීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමත් වීම විශේෂත්වයකි. මෙයට අමතරව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තා අලුත් කරමින් 319 ක ඉහලළ රේදී වාර්තා කිරීමට සමත් විය.
ඉතා උසස් ආයෝජන කළමනාකරණ උපාය මාර්ග සමඟ රක්ෂණ ක්ෂේත‍්‍රයේ පුරෝගාමීත්වය තහවුරු කරමින් ක්ෂේත‍්‍රය තුල ප‍්‍රකාශිත වැඩිම ජිවිත රක්ෂණ බෝනස් මුදල ලෙසින් සිය වාර්තාව අභිබවා යමින් 2023 වසර සඳහා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සිය ජිවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රු. බිලියන 11.2 ක දැවැන්ත මුදලක් බෝනස් ප්‍රතිලාභ ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට සමත්වූ අතර පසුගිය දශක දෙක තුළ ආයතනය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද අසමසම බෝනස් දීමනාවන්හි මුළු වටිනාකම රු. බිලියන 104 ඉක්මවා යයි. මෙම උරුමය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 සඳහා සිය ඉහළම බෝනස් දීමනාව ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන අතර, ඒ පිළිබඳ නිල නිවේදනය නුදුරු අනාගතයේ දී නිකුත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම මහතා තම අදහස් ප්‍රකාශ කරමින් සඳහන් කළේ, නොයෙකුත් අභියෝග හමුවේ වුවද ආයතනය ලබාගත් සියලූම මූල්‍ය සහ මූල්‍ය නොවන ජයග‍්‍රහණ වලින් පිළිබිඹු වන්නේ අපගේ කාර්යමණ්ඩලයේ කැපවීම, උත්සාහය සහ උනන්දුවයි. ආයතනික අභ්‍යන්තර වෙනස් වීම්, ආර්ථික හා සමාජීය බලපෑම් මධ්‍යයේ වූවද අපගේ විචක්ෂණ උපායමාර්ගික භාවිතයන්, නිරන්තර අවධානය සහ නොසැලෙන අධිෂ්ඨානය අපව වඩාත් ලාභදායී ආයතනයක් ලෙස ස්ථානගත කිරීමට සමත් වී ඇත. එසේම, නවෝත්පාදන,
පාරිභෝගිකයන්ගේ විශ්වාසය, ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන නව රක්ෂණ සැලසුම් හඳුන්වා දීම සහ රක්ෂණ ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනය සඳහා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් නිරන්තරයෙන් කටයුතු කරයි.‘ යන්නයි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති නුසිත් කුමාරතුංග මහතා අවධාරණය කළේ, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම ශක්තිය සහ ස්ථාවරත්වය තහවුරු කරමින් රටේ ආර්ථික ප්‍රගතිය සඳහා අඛණ්ඩ දායකත්වයක් නිරන්තරයෙන් ලබා දේ. අපගේ දීර්ඝකාලීන දැක්ම වන ‘සියලු දෙනාටම රැකවරණය’ ලබා දීමට ආයතනයක් ලෙස අප කටයුතු කරන අතර ඒ තුලින් සමාජීය රැකවරණය කෙරෙහි රජය මත ඇති පීඩනය අවම කිරීමට සහ ජාතික සංවර්ධනයට දායක වීම අපගේ අරමුණ බවයි.