ශ්‍රී ලංකා කාන්තාවන්ට අමිහිරි පරාජයක්

1053

ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා ක්‍රිකට් එක්දින තරගාවලිය

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සද්කාරක නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් අත්විඳගන්නට සිදුවිය.

නවසීලන්තයේ නෙල්සන්හිදී පැවැති දෙවැනි තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ නායිකාව තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය.

නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුණු 245ක් ලබාගත්හ.

නවසීලන්ත ඉනිමේ ලකුණු පුවරුව ඉහළ දැමීමට මැඩි ග්‍රීන්ගේ විශිෂ්ට ශතකය සුවිශේෂ එකක් විය. ජෝන් කරේ ලකුණු 38ක් ද පොලි ඉංග්ලිස් ලකුණු 34ක් ද ලබාගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුලු ලබාගත්තේ චමරි අතපත්තු කඩුලු 02ක් ද අචිනි කුලසූරිය, ඉනෝජි ප්‍රියදර්ශනි සහ කවීෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් ද ලබාගත්හ.

ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය වූයේ 246කි. පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙවරත් සාර්ථක වූයේ හර්ෂිතා සමරවික්‍රමයි. ඇය ලකුණු 59ක් ලබාගනිමින් අගනා අර්ධ ශතකයකට හිමිකම් කීවාය. තවද කවීෂා දිල්හාරි ලකුණු 26යි.

කඩුලු ලබාගැනීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් හැනී රොවෙ කඩුලු 04ක් ද බී්‍ර ඉලින්ග් සහ කාර්සන් කඩුලු දෙක බැගින් ලබාගත්හ. තරගයේ වීරයා සම්මානය මැස්ග්‍රීන් දිනාගත්තාය.

සුසිල් ජයකොඩි


advertistmentadvertistment