ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් තරගාවලිය
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 6කින් සමන්විත එක්දින තරගාවලියේ පස්වැනි එක්දින තරගයේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලකුණු 27ක ජයක් හිමිවිය.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් සැලකිය යුතු දස්කම් දැක්වීමට අපොහොසත් වූ අතර අවසන් කඩුල්ල වෙනුවෙන් ඇඩම් හිල්මි හා කුගදන් මාදිලත් එක්ව රැස් කළ ලකුණු 32 නිසා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ලකුණු පුවරුව 200 ආසන්නයට පැමිණියහ.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් ඇඩම් හිල්මි ලකුණු 51ක් සහ නායක චිමත් දිනිසර ලකුණු 42ක් රැස්කරමින් පිතිකරණයේ දස්කම් දැක්වූහ. ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 42.3කදී සියලු දෙනා දැවී ලකුණු 196යි.
ලකුණු 196ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ආරම්භයේ සිටම දැඩි පීඩනයකට ලක් කළ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ පළමු පන්දු වාර 16 තුළ ලකුණු 51කට කඩුලු 4ක් දවාලමින් බංග්ලාදේශය පීඩනයට ඇද දැමූහ.
තත්ත්වය ඉතා අසීරු වෙමින් බංග්ලාදේශයේ යොවුන් පිල පන්දුවට පහරදුන් අතර තරගයේ 30 වැනි පන්දුවාරය වනවිටත් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5ක් දැවී රැස් කරගෙන සිටියේ ලකුණු 99ක් පමණි.
කෙසේ වෙතත් අවසන් පන්දුවාර 20 ඇතුළතදී බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 98ක් අවශ්‍ය වූ අතර ෆරීස් හසන් සහ සමී උන්බෂීර් එක්ව බංග්ලාදේශයේ ලකුණු සංඛ්‍යාව 156 දක්වා ඉහළට ඔසවා තැබූහ.
තුන් ඉරියව් ක්‍රීඩක කවීෂ් ගමගේ විසින් බෂීර්ගේ කඩුල්ල දවා ගැනීමත් සමග තරගයේ වාසිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දෙසට නතු වන්නට විය.
එතැන් සිට බංග්ලාදේශ ඉනිම නිමා වීමට ගතවූයේ පන්දු 15ක් පමණයි.
ඒ වනවිට බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 45කදී සියල්ලන් දැවී ලබාසිටියේ ලකුණු 169ක් පමණි.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 42.3 කදී සියලු දෙනා දැවී ලකුණු 196 යි – (විමත් දින්සර 42, ආදම් හිල්මි 51, කුගදාස් මාතුලන් 21★, කිත්ම විදානපතිරණ 28, විරාන් චමුදිත 14, සුහස් ප්‍රනාන්දු 28, සමුයින් බෂීර් 35/3, සාද් ඉස්ලාම් 29/2, රිසාන් හොසන් 30/2, ෆර්හාන් ශරියර් 05/2)
බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 45 කදී සියලු දෙනා දැවී ලකුණු 169 යි – (සමුයින් බෂීර් 37, ෆරිඩ් හසන් 30, දෙබසිෂ් දෙබා 24, එම්ඩ්. අබ්දුල්ලා 32, රිසාන් හොසන් 25, කුගදාස් මාතුලන් 26/3, විරාන් චමුදිත 26/3, තරූෂ නවෝද්‍ය 30/2, කවීජ ගමගේ 03/1)
සුසිල් ජයකොඩි
සංස්කරණය – සුසිල් ජයකොඩි