ශ්‍රී ලංකා රසායන විද්‍යායතනයේ 53 වැනි වාර්ෂික සැසිවාරය සහ 83 වැනි සංවත්සර සැමරුම සුව ඇමැතිගේ ප්‍රධානත්වයෙන්…

37

ශ්‍රී ලංකා රසායන විද්‍යායතනයේ (Institute Of Chemistry Ceylon) 53 වැනි වාර්ෂික සැසිවාරය සහ විද්‍යායතනයේ 83 වැනි සංවත්සර සැමරුම සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20දා) කොල්ලුපිටිය Marino Beach හෝටලයේදී පැවැත්විණි.

එයට සමගාමීව පෙරේදා (20දා) ආරම්භ කරන ලද රසායනික තාක්ෂණය පිළිබඳ 2 වැනි ජාත්‍යන්තර සමුළුව 22 දා දක්වා පැවැත්වෙන අතර මෙවර සමුළුව “Chemical Science for technological Advancement: empoowering the future” – රසායනික විද්‍යාව සඳහා තාක්ෂණික දියුණුව: අනාගතය සවිබල ගැන්වීම යන්න තේමා කරගනිමින් පැවැත්වේ.

මෙහිදී ශ්‍රී ලංකා රසායන විද්‍යායතනයේ ඉදිරි වර්ෂය සඳහා නව සභාපතිවරයෙක් පත් කළ අතර එහි 87 වන සභාපතිවරයා ලෙස මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය පත් කෙරිණි. වත්මන් සභාපති මහාචාර්ය නාමල් ප්‍රියන්ත මහතා විසින් සභාපති පලඳනාව නව සභාපතිනිය වෙත පැලඳවීම ද සිදුවිය.

එමෙන්ම 2 වන ජාත්‍යන්තර සමුළුවේ විශේෂ දේශන සඳහා සහභාගි වූ එක්සත් රාජධානියේ රසායන විද්‍යා රාජකීය සංගමයේ ගෝලීය ඇතුළත් කිරීමේ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන වෛද්‍ය Ale Palermo මහත්මියට සහ ඉන්දියාවේ, කේරළ ප්‍රාන්තයේ ගාන්ධි විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය Sabu Thomas මහතාට සහ අනෙකුත් දේශකයන්හට අමාත්‍යවරයා අතින් විශේෂ සමරු තිළිණ ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment