ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ලෝයල්ටි රිවෝඞ්ස් දිවයිනේ ප‍්‍රමුඛ ආයතන රැසක් සමගින් එක්ව ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පුර්ණ රථවාහන රක්ෂණ ඔප්පු හිමියන් සඳහා මෙම උත්සව සමයේ සුවිශේෂී වට්ටම් සහ ප‍්‍රතිලාභ රැසක් ලබාදෙයි.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම රථවාහන රක්ෂණ පහසුකම් සැපයුම්කරු ලෙසින් පාරිභෝගිකයන්ට නිරන්තරයෙන්ම සුවිශේෂී සේවා අත්දකීමක් ලබාදෙන අතරම පුර්ණ රක්ෂණ හිමියන් සඳහා ලොයල්ටි රිවෝඞ්ස් යටතේ වරප‍්‍රසාද ලබාදෙන ශ‍්‍රී ලංකාවේ එකම රථ වාහන රක්ෂණය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ලෙස හැඳින්විය හැකියි.
මෙම ප‍්‍රතිලාභ ක‍්‍රමය යටතේ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් පුර්ණ රථවාහන රක්ෂණ හිමියන්ට විවිධ කාණ්ඩ ගණනාවක් යටතේ ප‍්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව තිබේ.
මේ යටතේ සූරිය රිසෝට් ඇන්ඞ් ස්පා, සීගිරිය කැසැන්ඩ‍්‍රා කල්චර් රිසෝට්, අර්ල්ස් රජරට හෝටලය, ලක්රාජ් හෝටලය, ට‍්‍රයිබ් යාල, සිට‍්‍රස් වස්කඩුව සහ හික්කඩුව හෝටලය, ජෝස් රිසෝට්, මෝක්ෂ හෝටලය, දඹුල්ල ඔක්සිඩන්ටල් පැරඩයිස් හෝටලය සහ ඊගල් රීජන්සි හෝටලය මගින් 50% දක්වා වට්ටමක් ලබා ගත හැකිය.
එසේම ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ රථවාහන සේවා සලසන්නන් රැසකගෙන් ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාවද මෝටර් ප්ලස් පුර්ණ රක්ෂණ හිමියන්ට හිමිවේ.
U & H වීල්ස්, ටර්ගෝ ඔටෝ කෙයා, අයි කෙයා වොෂ්, ස්පොට් ඔටෝ කෙයා සිටි, බ‍්‍රවුන්ස් හයිබි‍්‍රඞ් කෙයා, පින්ක් ඔටෝ ෂොප්, ඔටෝ මිරාජ්, හයිබි‍්‍රඞ් හබ් සහ නිව්වෙන්චර් යන සේවා සපයන්නන්ගෙන් 50% දක්වා වට්ටම් ලබාගත හැකිය. එමෙන්ම ලංකා හොස්පිටල්ස් සහ නවලෝක හොස්පිටල්ස් වෙතින් 20%ක් දක්වා වට්ටම් සහ සර්ටිස් ලංකා හෝම් නර්සින් ඇන්ඞ් ස්විෆ්ට් කෙයා වෙතින් විශේෂ වාර්ෂික පැකේජයක් ලබාගැනීමේ අවස්ථාව තිබේ.
එසේම යූ ඩි‍්‍රන්ක් වී ඩ‍්‍රයිව් වෙතින් 10%ක වට්ටමක් සහ ීන්‍ක් රිකවරි වෙතින් හදිසි අවස්ථාවකදී ඇදගෙන යාමේ පහසුකම, හොරයිසන් එඩියුකේෂන් වෙතින් ලියාපදිංචි වීමේදී සුවිශේෂී වට්ටම් සහ ස්පෙක්ස් අයි කෙයා වෙතින් විශේෂ වට්ටම් ද ලබාගැනීමේ හැකියාව තිබේ. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් පුර්ණ මෝටර් රථ රක්ෂණ ඔප්පු හිමියන්ට ඔවුන්ගේ පුර්ණ මෝටර් රථ රක්ෂණ කාඞ්පත අදාල සේවා ස්ථානයට ඉදිරිපත් කිරීමෙන් මෙම සුවිශේෂ ප‍්‍රතිලාභ භුක්ති විඳීමේ හැකියාව තිබේ.