සම්පත් බැංකුවේ වැවට ජීවයක් වැඩසටහනෙන් යළි ජීවය ලද කුඹුරුපිටිය වැව ජනතා අයිතියට

40

සම්පත් බැංකුවේ විධායක අධ්‍යක්ෂක / ප්‍රධාන මූල්‍ය නිලධාරි අජන්ත ඩි. වාස් ගුණසේකර මහතා විසින් ප්‍රතිසංස්කරණය ලද කුඹුරුපිටිය වැව ජනතා අයිතියට පවරන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

ගොවි පවුල් 500කට ආසන්න ප්‍රමාණයකගේ බත සරි කරමින් බිම් අක්කර 105ක් අස්වැද්දීමට සමත් වේ.ශ්‍රී ලාංකේය ජන හද ගැස්ම හොඳින් හඳුනා ගනිමින් දේශීයත්වයට කවදත් මුල්තැන ලබා දෙන සම්පත් බැංකුව වැවට ජීවයක් වැඩසටහන යටතේ තවත් එක් සමාජ සත්කාරයක් සාර්ථකව ජනතා අයිතියට පවරා දෙන ලදී.

සමෘද්ධිමත් ජාතියක් බිහි කිරීම උදෙසා දශක ගණනාවක් පුරාවට දියවර සැපයූ, දැනට අභාවයට යමින් පවතින සහ ප්‍රතිසංස්කරණය කළ හැකි තත්ත්වයේ පවතින වාරිමාර්ග පද්ධති යළි පණ ගැන්වීම මෙහි පරමාර්ථය වේ. ඒ අනුව වැවට ජීවයක් වැඩසටහන ඔස්සේ දීර්ඝ කාලයක් තිස්සේ අඩපණව තිබූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කුඹුරුපිටිය වැව ප්‍රතිසංස්කරණය කරමින් එම ප්‍රදේශයේ ජනතාවගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වීමට හැකියාව ලැබුණි. ඒ අනුව ප්‍රදේශයේ ගොවි ජනතාවගේ කෘෂිකාර්මික ජීවනෝපායයන්ට නැවුම් බලාපොරොත්තුවක් එකතු කරමින් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ කුඹුරුපිටිය වැව ජනතා අයිතියට පැවරීම පසුගියදා උත්කර්ෂවත් අන්දමින් සිදු කරනු ලැබීය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුරුපිටිය වැව, ගොවි පවුල් 178කටත් මෙන්ම අවට ගම්මාන 5ක වෙසෙන තවත් ගොවි පවුල් 300කට පමණ සිය ජීවනාලිය පවත්වාගෙන යාම උදෙසා දායක වූ වාරි නිර්මාණයකි. මහසෙන් රජු විසින් සාදන ලදැයි කියවෙන මෙම වැව ඉතාමත් සශ්‍රීක අන්දමින් ප්‍රදේශයේ ගොවිබිම් සරුසාර කිරීමට සමත්ව තිබුණද, දිගු කාලයක් පටන් අබලන්ව තිබීම හේතුවෙන් ජල කළමනාකරණය සිදු කර ගැනීමට නොහැකිව ප්‍රදේශයේ ගොවියන් තම සුපුරුදු ජීවනෝපාය අත්හැර දමා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ පාමින් සිටියහ. ඇතැම් කන්නවලදී ජලය සපයා ගැනීමේ ගැටලුව මත ප්‍රදේශයේ කුඹුරු යායවල් පුරන් වී විනාශ වූ වාරයන් අනන්තවත්ය. මෙවන් දුෂ්කරතාවන්ට මුහුණු දුන් එම ගොවියන්ගේ දුක්බර හඬට සවන් දුන් සම්පත් බැංකුව සිය කාලෝචිත වගකීම ඉටුකරලීමට මුල පුරනු ලැබීය. එම කාලෝචිත මුල පිරීම මගින් අද වනවිට කුඹුරුපිටිය වැවේ ප්‍රධාන සොරොව්ව, ප්‍රධාන අමුණු 3 මෙන්ම වේලි පද්ධතිය සාර්ථකව ප්‍රතිසංස්කරණය කර තිබේ. මෙම කාලෝචිත ව්‍යාපෘතිය පිළිබඳව සම්පත් බැංකුවේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ආචාර්ය ලලිත් වේරගොඩ මහතා අදහස් දක්වමින් පැවැසුවේ මෙවැන්නකි. “සම්පත් බැංකුව විසින් ක්‍රියාවට නංවා තිබෙන මෙම වැවට ජීවයක් සමාජ සත්කාරක වැඩසටහන තවත් එක් සාර්ථක පියවරක් වශයෙන් කුඹුරුපිටිය වැව ප්‍රතිසංස්කරණය කොට ජනතා අයිතියට පත් කරන්නට ලැබීම පිළිබඳව සතුටු වන අතර මේ වනවිට මෙම වැඩසටහන ඔස්සේ රටපුරා තිබෙන වාරි පද්ධති 21ක් පමණ මනා ලෙස ප්‍රතිසංස්කරණය කොට ලබා දී තිබෙනවා. දේශගුණික විපර්යාසයන් සමඟ කෘෂිකර්මාන්තයේ නියැළීම අද බොහෝ ගොවියන් අත්හැර දමා තිබෙන නිසා, වර්තමාන පරපුර නැවතත් මෙම ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය වෙත හරවා ගැනීමට මෙවැනි වැඩසටහන් විශාල පිටිවහලක් සපයනු බව නොඅනුමානයි. එම නිසා අනාගතය දකින බැංකුවක් ලෙස මෙම කාලෝචිත උතුම් කර්තව්‍යයට දායක වන්නට ලැබීම ගැන නිහතමානී ආඩම්බරයක් අප තුළ තිබෙනවා.


advertistmentadvertistment