සැමියා සහ යහළුවෙක් බිරිඳ ඝාතනය කරලා

2908

කුළී නිවසක පදිංචිව සිටි යුවළකගේ සැමියා සහ යහළුවකු විසින් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබූ කාන්තාවගේ මළ සිරුරක් අද අලුයම තලංගම, තලාහේන ප්‍රදේශයෙන් හමුවී ඇත.

ඉකුත් 06 වැනිදා මරණකාරිය හා ඇයගේ ස්වාමි පුරුෂයා අතර ඇති වූ බහින්බස් වීමක් මත ස්වාමි පුරුෂයා සහ ඔහුගේ යහළුවා විසින් තියුණු ආයුධයකින් පහරදී එම කාන්තව ඝාතනය කර නිවස දොරගුළු දමා පිටව ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පසුව සැකකරුවන් දෙදෙනාම පැමිණ පොලීසියට මේ පිළිබඳව පැමිණි කර ඇත.

මියගොස් ඇත්තේ තලංගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි කාන්තාවකි. 31 හැවිරිදි හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මරණකාරියගේ ස්වාමි පුරුෂයා සහ වයස අවුරුදු 44ක් වන ගලේවෙල ප්‍රදේශයේ පදිංචි අනෙක් සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මළ සිරුර හමුවන අවස්ථාවේ දී එම නිවසේ සුනඛයෙක් ගැට ගසා සිට ඇති අතර එම සතාට ද දින 5ක පමණ කාලයක් ආහාර හෝ නොලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment