සිරි දළදා වන්දනාව අවසන්ද?

698


සිරි දළදා වන්දනාව සඳහා කිසිඳු හේතුවක් මත අලුතින් සැදැහැවතුන් එක්කර නොගන්නා බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි.

කෙසේවෙතත් දැනට පෝලිම්වල සිටින සැදැහැවතුන් සඳහා වන්දනා මාන කිරීමට අවස්ථාව සලසාදීමට තීරණය කර ඇති අතර ලක්ෂ 4ක පමණ සැදැහැවතුන් සංඛ්‍යාවක් එලෙස පෝලිම්වල රැඳීසිටින බව පොලීසිය සඳහන් කළේය.

මේ වනවිට පෝලිම්වල රැඳීසිටින පිරිස් සිරි දළදා වන්දනාව අවසන් කරනවිට 27 වන ඉරුදින පස්වරුව වනු ඇති බවට පොලීසිය අනුමාන කර තිබේ.

යම් හෙයකින් වන්දනා මාන කිරීමට ඉඩ ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් හෙට (26) පස්වරුවේ හෝ 27 උදෑසන දැනුම්දෙන බවද පොලීසිය සඳහන් කළේය.

මේ අතර සිරි දළදා වන්දනාව අද (25) 8 වන දිනටත් පෙරවරු 11ට ආරම්භ කෙරිණ.


advertistmentadvertistment