සෞඛ්‍යයට අවදානමක්

81

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන කටයුතුවල පවතින ප්‍රමාදයන් හේතුවෙන් වෛද්‍ය සේවාවන් සැපයීම බිඳ වැටීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරති.

තීරණ ගැනීමේ ප්‍රමාදය, සුදුසුකම් සහිත නිලධාරීන්ට අදාළ වගකීම් භාර නොදීම සහ එකම නිලධාරියා තනතුරු කීපයක් දැරීම ඇතුළු ගැටලු රැසක් නිර්මාණය වීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි සෞඛ්‍ය සමිති කියා සිටියි.

අඩු මිලට මෙරටට ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ සහ රසායන උපකරණ ගෙන ඒම සඳහා සමාගම් රැසක් පොරොත්තු ලේඛනවල මේ වනවිටත් රැඳී සිටියත් ඔවුන්ගේ ලිපිගොනුවල කටයුතු යාවත්කාලීන නොවීම නිසා දිගින් දිගටම ලියාපදිංචි කිරීමේ ලිපි හරහා තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට පැමිණීමේ දැඩි අවදානමක් පවතින බව ද ඖෂධ සැපයුම්කරුවෝ පවසති.

සුජිව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment