යාපනයේ පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු මුල් අවස්ථාවේදී මුදාහැරි බවට චෝදනා එල්ල වූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් වව්නියාව මහාධිකරණය විසින් නියම කර ඇත. මීට අමතරව රුපියල් 50,000ක දඩයක් ද නියමකර ඇති අතර, එය නොගෙවන්නේ නම් තවත් මාස 6ක ලිහිල් වැඩ ඇතිව සිරදඩුවමක්ද වව්නියාව මහාධිකරණය ඊයේ නියම කර තිබේ.යාපනයේ පාසල් සිසුවියක වන සිවලෝගනාදන් විද්‍යා 2015 වසරේ වසරේදී පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කරනු ලැබීය.එම ඝාතන චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් හත් දෙනෙකුට යාපනය මහාධිකරණ විසින් මේ වනවිට මරණීය දණ්ඩනය නියම කර ඇත.
|