හිස්බුල්ලා නව නායකයා නයිම් කාසෙම්

193

හිස්බුල්ලා සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සිය සංවිධානයේ නව ප්‍රධානියා වශයෙන් නයිම් කාසෙම් පත් කර ඇති බව කියා තිබේ.

ඒ අනුව, නයිම් කාසෙම් හිටපු හිස්බුල්ලා සංවිධානයේ නායක සෙයිද් හසන් නස්රල්ලාගේ අනුප්‍රාප්තිකයා වශයෙන් ලෙබනනය පදනම් කරගත් සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස උසස්වීම් ලබා ඇති අතර ගෙවුණු සැප්තැම්බර් මස අගදී ඊශ්‍රායලය දියත් කළ ගුවන් ප්‍රහාරයකදී හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරල්ලා බේරූට්හිදී මිය ගියේය.

ඊශ්‍රායලය සෘජුවම සිය මිලිටරි මෙහෙයුම් ලෙබනනයේ දියත් කළ දා සිට මේ වන විට ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා නිලධාරීන් රැසක් මරා දමා ඇති අතර නව නායක නයිම් කාසෙම් සඳහන් කර තිබුණේ, ඊශ්‍රායලයට විරුද්ධ පක්ෂයන්ගේ සහය ලබාගෙන ඊශ්‍රායලයට එරෙහි සටන දිගටම කරගෙන යෑමට තමා කැපවෙන බවයි.


advertistmentadvertistment