ශ්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් පසුගියදා සංවිධානය කළ ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව, සමස්ත අනුශූරතාව හා බැංකු අංශයේ ඒකාබද්ධ ශූරතාව දිනාගනිමින් සම්මානයට පාත්‍ර විය.

කොමර්ෂල් බැංකුවට සමස්ත අනුශූරතා සම්මානය පිරිනමමින් ACCA විනිශ්චය මණ්ඩලය මෙසේ සඳහන් කළේය. “ආර්ථිකය දුෂ්කර වූ මේ කාලයේදී අවධානමට ලක්ව සිටින ප්‍රජාව පිළිබඳව ඇති සැලකිල්ල පෙන්නුම් කරමින් බැංකුව තම ව්‍යාපාරයේ සියළුම විෂය අංග ආවරණය වන පරිදි විශිෂ්ඨ වාර්ථාවක් ඉදිරිපත් කර ඇත.”

ACCA සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව ද්විත්ව සම්මානයෙන් පිදුම් ලබයි

කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා සමගින් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී – තිරසාර, කාන්තා බැංකු කටයුතු සහ සමාජ සත්කාර භාරය, කමලිනී එල්ලාවල මහත්මිය බැංකුව වෙනුවෙන් ACCA තිරසර වාර්තාකරණ සම්මාන ලබාගත් අයුරු ඡායාරූප වලින් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment