GSP ගැන කතාකරන්න අද යුරෝපෙන් එයි

26

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් අද (28) මෙරටට පැමිණීමට නියමිත බව වාර්තාවේ . විදේශ කටයුතු , සංචාරක අමාත්‍යාංශය සඳහන් කරන පරිදි යුරෝපා සංගමයේ GSP+ බදු සහනයක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා එම නිලධාරීන් කණ්ඩායම මෙරටට පැමිණේ . GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ට නියමිත බොහෝ කාරණා එහිදී සාකච්ජාවට ගැනීමට නියමිත බවද වාර්තාවේ . යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායම ලබන මැයි මස 07 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය . දේශපාලනඥයින්, රජයේ නිලධාරීන්, සිවිල් සමාජය හා වෘත්තීය සමිති රැසක් සමඟ යුරෝපා සංගමයේ නිලධාරීන් කණ්ඩායම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව එම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි .


advertistmentadvertistment