ලංකා ප්‍රිමිය ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ අවසන් කණ්ඩායම් හතර අතර පැවැත්වෙන තරග යටතේ ඊයේ රාත්‍රියේ දී කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැති කොළම්බු ස්ට්‍රයිකර්ස් (CLS ) සහ කැන්ඩි ෆෝල්කන් (KAF) අතර තරගයේ දී කඩුලු 02ක ජයක් KAFට හිමි විය.පළමුව පන්දුවට පහරදුන් CLS සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 159ක් ලබාගත්තේ.සධීර සමරවික්‍රම 62යි.පන්දු යැවීමේදී මොහොමඩ් හස්නායින් 24/3යි.KAF පන්දු වාර 18.4කදී කඩුලු 08ක් දැවී ලකුණු 163ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.කමිදු මෙන්ඩිස් 54යි.පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු 35/3,මතීෂ පතිරණ 38/3යි.
|