මාතර බන්ධනාගාරයේ අහසට වෙඩි

372

මාතර බන්ධනාගාරයේ රැඳවූවන් දෙපිරිසක් අතර ඇතිවූ කලහකාරී තත්ත්වය පාලනයට බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩි තබා  තිබේ.

අද (22) පස්වරුවේ හටගත් මෙම නොසන්සුන්තාව පාලනයට පොලිස් විශේෂ කාර්‍ය බළකායද කැඳවා ඇත.

මාතර බන්ධනාගාරයේ රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙන යෑමට උත්සාහ කිරීමේදී මෙම තත්ත්වය හටගෙන ඇතැයි වාර්තා වේ.

බන්ධනාගාරයේ වෙනත් වාට්ටුවක සිටි රැඳවූවන් පිරිසක් පිටතට පැමිණ විරෝධය දක්වමින් කලහකාරී වී ඇතැයි සඳහන් ය.

මේ වනවිට තත්ත්වය තරමක් දුරට පාලනය කර ඇති බවද වාර්තා වේ.


advertistmentadvertistment