ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව ගොඩනැගීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහයෝගය ලබාදෙන ලෙස නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් පිරිසක් හිටපු ජනාධිපතිවරයාගෙන් නැවත වතාවක් ඉල්ලීමක් කර ඇත.
ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. එහෙත් පක්ෂය සමග තිබෙන නඩුහබවලින් මේ වනවිටත් සිරිසේන මහතා ඉවත් වී තිබේ.
පක්ෂය බෙදී වෙන්වී තිබීම නිසා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ද සිය නඩු කටයුතු ඉවත්කර ගෙන ඇත. එහෙත් වත්මන් නිදහස් පක්ෂ ඉහළ තනතුරු හොබවන අය විසින් දමන ලද නඩු, ඉවත්කර නොගැනීම නිසා පක්ෂය ශක්තිමත් කර ගැනීමට නොහැකි වී ඇතැයි එම සංවිධායකයන් සඳහන් කර ඇත.
කෙසේ වෙතත් පසුගියදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 109 ජන්ම දිනයදා සියලු දෙනා එතුමියට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණීම පක්ෂයේ ඉදිරි ගමනට ලොකු හයියක් වන බව ද සංවිධායකවරු හිටපු ජනාධිපතිවරයාට කියා තිබේ.
අරුණ බෝගහවත්ත