අධ්‍යාපනය-සෞඛ්‍ය- ආගමික අයිතිය මානව අයිතිවාසිකම් පරිච්ඡේදයට එක්කරනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

26

කයිවාරුවට පමණක් සීමා නොවී ජනතා වරමින් බිහි වන සමගි ජන බලවේග රජයක් තුළ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික අයිතිය ආදී අයිතීන් ද මානව අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කර ලක්ෂ 220 ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන යුගය බිහි කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 12) යාපනය වඩ්ඩුක්කොඩ්ඩායි, වුලිපුරම් වික්ටෝරියා විද්‍යාලයට සක්වල බස් රථ ලබා දීමේ වැඩසටහනේ 88 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා නවීන බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

පාසල් සඳහා බස් බෙදන විට තමාට ‘බස් මෑන්’ යැයි කියමින් අපහාස කරන, විවේචනය කරන කුහකයන් කොට්ඨාසයක් මේ බංකොලොත් රටෙත් සිටින බවත් ඔවුන්ට කියන්න ඇත්තේ මෙවැනි බස් රථ ලබා දෙන විට ඒවාට වෛර නොකර තමා සමඟ තරගයට ජනතාවට වැඩ කිරීමට පැමිණෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම 76 වසරක ඉතිහාසය පුරා කිසිදු දේශපාලන පක්ෂයක් විපක්ෂයේ සිට නොකළ වැඩ කොටසක් සමගි ජන බලවේගය ඉටු කරනා බවත් එම සේවය දෙස බලා සිටිය නොහැකි කයිවාරුකාරයන් පිරිසක් ඒවා විවේචනය කරමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment