චීනය හා ඇමරිකා එක්සත් ජනපදය අතර නිර්මාණය වී තිබෙන වෙළඳ යුද්ධයට විසඳුම් සෙවීම සඳහා සැබෑ වුවමනාවක් ඇතිනම් සිය රටෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා පනවා ඇති අධික තීරු බද්ද ඉවත් කරන ලෙස චීනය විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ට්‍රම්ප් පරිපාලනය විසින් මෙතෙක් විවිධ යෝජනා ඉදිරිපත් කරමින් සිටිනවා හැරෙන්නට මෙතෙක් දෙරට අතර පවතින වෙළඳ යුද්ධය නිම කිරීම සඳහා කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව චීන බලධාරීහු පවසා තිබේ.
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ මත සියයට 145ක තීරු බද්දක් පනවන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව චීනය විසින් ඇමරිකාවේ බෝයිං සමාගමෙන් ආනයනය කරන ලද ගුවන් යානා දෙකක් නැවත අදාළ සමාගම වෙත හරවා යැවීමත් සමගම එම දෙරට අතර පවතින වෙළඳ යුද්ධය තවත් වර්ධනය වන ලකුණු පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ අතර ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ආනයනික චීන භාණ්ඩ මත පනවා ඇති තීරු බද්ද ක්‍රමානුකුලව අඩුවෙනු ඇති නමුදු එය සම්පූර්ණයෙන් ඉවත් නොකෙරෙන බවයි. ඇමරිකාව විසින් මේ වන විට ආනයනික චීන භාණ්ඩ මත සියයට 145ක තීරු බද්දක් පනවා ඇති අතර චීනය විසින් ආනයනික ඇමරිකානු භාණ්ඩ මත සියයට 125ක තීරු බද්දක් පනවා තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ