අන්තර්ජාලයෙන් ක්‍රිකට් සූදු කළ ඉන්දියානුවෝ 60ක් අත්අඩංගුවට

218

අන්තර්ජාලය ඔස්සේ ක්‍රිකට් සූදු ඇතුළු මහා පරිමාණ මූල්‍ය වංචාවල යෙදුණු ඉන්දීය ජාතිකයන් හැට දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (27 දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව කොච්චිකඩේ සහ බත්තරමුල්ල ප්‍රදේශයේදී කළ මෙහෙයුම්වලදී මොවුන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් අපරාධ පරීක්ෂණ මූලස්ථානය වෙත රැගෙන ගොස් ප්‍රශ්න කිරීම්වලට භාජනය කෙරෙන අතර ඔවුන් දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් මෙම මහා පරිමාණ මූල්‍ය වංචාවල නිරත වී ඇති බව එහිදී හෙළි වී තිබේ. මීට දින කීපයකට ඉහතදී ද මීගමුව ප්‍රදේශයෙන් මෙවැනි මූල්‍ය වංචාවල නිරත වූ විදේශිකයන් තිස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පරීක්ෂණ සිදු කෙරේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment