අන්තවාදයට විපක්ෂ නායකගෙන් විරෝධය

131


රට විනාශ කරන එකමදේ අන්තවාදය බැවින් කිසිම ජාතියක් හෝ ආගමක් හෝ ලබ්දියක් අදහන කිසිවෙක් අන්තවාදය පිලිනොපදින ලෙසත් සියලු ජාතීන් ආගම් නියෝජනය කරන අදහන පිරිස් කිසිදු භේදයකින් තොරව එක අම්මාගේ දරුවන් විලස එකමුතු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ත්‍රස්තවාදයට අප රටේ ඉඩක් නොමැති සේම අන්තවාදයට ද අප රටේ ඉඩක් නොමැති බවත් එම නිසා සියලු ජාතීන් හා ආගම් එකට එකතුවී හැම ජාතියකටම ආගමකටම අහිතකර ලෙස බලපෑම් සිදු කරන අන්තවාදය පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.පසුගිය කාලයේ අන්තවාදය දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැම් පක්ෂ භාවිත කළ බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ගාල්ල සහිරා විදුහලේ වසර 100ක් සැපිරීමේ උත්සවයට සහභාගීවෙමිනි.


advertistmentadvertistment