අපනයන ආදායම ඉහළට

35

මෙරට අපනයන ආදායම මෙම වර්ෂයේ (2025) පළමු කාර්තුවේ දී ඇමරිකානු ඩොලර් මිලියන 3,347 දක්වා සියයට 5.3කින් ඉහළගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

රෙදිපිළි හා ඇඟලුම්, කුළුබඩු, ආහාර පාන වර්ග, දුම්කොළ, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ තේ යන අපනයන කාණ්ඩවල ඉහළයෑම අපනයන ආදායම වැඩි වීම සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 11.1කින්, කුළුබඩු අපනයන ආදායම සියයට 75කින්, ආහාර පාන වර්ග දුම්කොළ අපනයන ආදායම සියයට 23.8කින් මෙම වර්ෂයේ පළමු කාර්තුවේ ඉහළ ගොස් ඇත. පොල් ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ආදායම සියයට 26.6කින් සහ තේ අපනයන ආදායම සියයට 4.6කින් ඉහළගොස් ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.

කෙසේ වුවද මෙම වර්ෂයේ පළමු කාර්තුවේදී මෙරට ආනයන වියදම පෙර වර්ෂයේ (2024) මෙම කාර්තුවට සාපේක්ෂව ඩොලර් මිලියන 4,887 දක්වා සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

ලලිත් චාමින්ද


advertistmentadvertistment