කිසිදු රටක රාජ්‍ය පාලනය වෙනස් කිරීමට ඇමෙරිකාව මැදිහත් නොවන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චංග් මහත්මිය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසුවාය.
ශ්‍රී ලංකාවේ පැවැති ජනාධිපතිවරණයේ ඇමෙරිකාව කිසිදු අපේක්ෂකයකුට සහාය පළ කිරීමක් සිදු නොකළ බවත් ඉදිරි මහ මැතිවරණයටත් කිසිදු පක්ෂයක් වෙනුවෙන් ඇමෙරිකාව සහාය දැක්වීමක් සිදු නොකරන බවත් ඇය සඳහන් කළාය.
ඇතැම් පක්ෂ වෙත ඇමෙරිකාව විශේෂ සහායක් පළ කර ඇතැයි කරනු ලබන චෝදනා ප්‍රතික්‍ෂේප කරන බවත් සෑම රජයක් සමගම සුහද සබඳතා පවත්වා ගැනීම ඇමෙරිකාවේ ප්‍රතිපත්තිය බවත් ජුලී චංග් මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
උපාලි ද සේරම්