කුඩු රුවන්ගේ කෝටි 50 ක ඉඩම සොයාගැනේ

472

දෙමටගොඩ කුඩු රුවන් විසින් රුපියල් කෝටි 50 කට අධික මුදලක් වැයකොට මිලදී ගත් මීගමුව දකුණු පිටිපන මුහුද අද්දර පිහිටි පර්චස් 100 ක ඉඩමක් සහ එහි ඉදිවන සංචාරක හෝටලය (විලා) මුදල් විශුද්ධි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් 24 දා සොයාගෙන ඇත.

පර්චස් 100 කින් යුත් මෙම ඉඩම පිටිපන මුහුද අද්දර තීරයේ පිහිටා ඇත. එම ඉඩමේ සංචාරක හෝටලයක් (විලා) ඉදිවෙමින් පවතියි. එම මුහුදු තීරයේ පර්චස් 1 ක විකුණුම් මිල ලක්‍ෂ 50 ක් පමණ වන අතර ඉඩමේ වටිනාකම පමණක් කෝටි 50 කට ආසන්නය.

මෙම වැටලීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු මුදල් විශුද්ධිකරණ අංශයේ නිලධාරීහු සහභාගි වූහ. මෙම ඉඩමේ මත්ද්‍රව්‍ය සඟවා ඇත්දැයි පරීක්‍ෂා කිරීම සඳහා පොලිස් නිල සුනඛයන් යොදවා තිබිණි. වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙයි.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment