යාපනය නගර සභා  නිලධාරියෙක්  කෝටි ගණනක් ගහලා – පරීක්‍ෂණයක් ඇරැඹෙයි

106

යාපනය මහ නගර සභාවේ ඉහළ නිලධාරියකු විසින් සිදු කර ඇති රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් පිළිබඳව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා 28 දා පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා සඳහන් කළේ ඔහුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙන නිසා යාපනය නගර සභාවේ ගණකාධිකාරී තනතුර සඳහා වෙනත් අයකු ද මේ වන විට පත් කර ඇති බවයි.

අදාළ නිලධාරියා විසින් සිදු කරන ලද මුදල් වංචා සම්බන්ධයෙන් මහජනයාගෙන් ද රාජ්‍ය ආයතනවලින් ද පැමිණිලි රාශියක්ම ලැබී තිබීම නිසා ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment