සුඛෝපභෝගී මගී නැවක් මුහුදේ සිර වේ

831

ග්‍රීන්ලන්තයට අයත් මුහුදු සීමාවේ ඉකුත් සඳුදා (11දා) සිට සිරවී තිබෙන මගින් 206 දෙනකු රැගත් ‘ෂන් එක්ස්ප්ලෝරර්’ නමැති සුඛෝපභෝගී නෞකාව නැවත ගමන් කරවීමට බලධාරීන් විසින් ගත් සියලු ප්‍රයත්නයන් අසාර්ථක වී තිබේ. ග්‍රීන්ලන්තයේ ජාතික උද්‍යානයට ඊසාන දිගින් පිහිටි ‘ඇල්පෙෆ්ජෝඩ්’ මුහුදු තීරයේ හදිසියේ සිර වූ මෙම නෞකාවේ මගීන් තුන් දෙනකුට කොරෝනා ආසාදනය වැළඳී ඇති බව අනාවරණය වී ඇති අතර එම ආසාදිතයන් මේ වන විට නීරෝධායනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අදාළ නෞකාවේ සිටින සියලු මගීන් ආරක්ෂිතව හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සංචාරක ඒජන්සියක් වන ‘අරෝරා එක්ස්පෙඩීෂන්ස්’ නිවේදනය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment