කෙහෙළියට එරෙහි සත්‍යග්‍රහය අදත්

75

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින්, අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සහ සිවිල්, බහුජන සංවිධාන එකමුතුව ක්‍රියාත්මක කළ අඛණ්ඩ සත්‍යග්‍රහය අද (15දා) තෙවැනි දිනටත් පැවැත්වේ.

දූෂණ චෝදනා එල්ල වී ඇති සෞඛ්‍ය ඇමැති, සෞඛ්‍ය ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තනතුරුවලින් ඉවත්කරන ලෙස සහ මාර්ග සැලසුමකින් තොරව පෞද්ගලික වෛi විද්‍යාල ස්ථාපිත නොකරන ලෙස ඉල්ලමින් එම සන්ධාන එකමුතුව පසුගිය 13 දා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කළේය.

ජනාධිපතිවරයා දිගින් දිගටම සෞඛ්‍ය සේවයේ ප්‍රශ්න සම්බන්ධව අවධානය යොමු නොකරමින් වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා සමග කටයුතු කරන බවත් එසේ කරන්නේ නම් එයට එරෙහිව විශාල ජනතා අප්‍රසාදයක් ඇතිවන බව ජනාධිපතිවරයා අවබෝධ කරගත යුතු බවත්, චෝදනා ලැබ ඇති සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු බලධාරීන් සම්බන්ධයෙන් නිසි පියවර නොගන්නේ නම් සිය විරෝධතා ක්‍රියාමාර්ග ද අඛණ්ඩව පවත්වාගෙන යන බවත් එම සන්ධාන එකමුතුවේ සභාපති, ජාමුණි කමන්ත තුෂාර මහතා ‘දිවයින’ට ඊයේ (14දා) සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment