අලුත බැඳපු තරුණිය අතුරුදන් එක් දරු පියාගේ සිරුර හමුවෙයි

14

කලාඔයේ දිය නාන්න ගිය පිරිසක් රළ පහරට හසුවෙති

වනාතවිල්ලුව පොලිස් වසමට අයත් කලාඔයේ මුරුන්දන්වේලි නාන තොටුපළේ දිය නෑමට ගිය පිරිසක් අතරින් එක්දරු පියකු දියේ ගිලී මියගොස් 20 හැවිරිදි තරුණියක් අතුරුදන්ව ඇති බව වනාතවිල්ලුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කල්පිටිය වෙල්ලමුන්දලම ප්‍රදේශයේ පදිංචිව සිටි ධීවර රැකියාවේ නිරත වන එක්දරු පියකු වන හතළිස් හැවිරිදි මොහොමඩ් ෆර්වින් නමැති අයකු වන අතර අතුරුදන්ව ඇත්තේ 20 හැවිරිදි ෆාතිමා අෂ්ෆා නමැති තරුණියකි.

ධීවර යාත්‍රා විශාල ප්‍රමාණයක් අතුරුදන් වූ තරුණිය සොයා මෙහෙයුම් කළද කිසිදු තොරතුරක් ලැබී නොමැත.

අදාළ ස්ථානය නිරික්ෂණයට පුත්තලම නාගරික හදිසි මරණ පරීක්ෂක බදුර්දීන් හිසාම් මහතා ගොස් අදාළ සිද්ධිය පිළිබඳව පරීක්ෂණය පැවැත්වීමට කටයුතු කර දිය රළට හසුව ගසාගෙන ගොස් හමුවූ 15 හැවිරිදි දැරියගේ පියාගේ සිරුර වනාතවිල්ලුව ප්‍රාථමික රෝහලින් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පුත්තලම මූලික රෝහලට යැවීමට කටයුතු කෙරුණි.

අමරනන්ද විජේසේකර – මහවැව


advertistmentadvertistment