යුනෙස්කෝ සංවිධානය මහාවංශය ලෝක උරුමක් කිරීමෙන් රටේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය අගය කිරීමට ලක් කරලා- සපුගස්කන්ද පුරාණ රජ මහා විහාරාධිපති දරණාගම ඥානසිරි නාහිමි

279

යුනෙස්කෝ සංවිධානය විසින් මහාවංශය ලෝක උරුමයක් කිරීමෙන් අප රටේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය අගය කිරීමට ලක්කර ඇතැයි සපුගස්කන්ද පුරාණ රජ මහා විහාරය බියන්විල මංකඩ පුරාණ විහාරය යන විහාර ද්විත්වයේ විහාරාධිපති දෙමටගොඩ ශෛලාරාම බෞද්ධ අධ්‍යාපන නිකේතනාධිපති භරතීන්ද්‍ර ධර්ම කීර්ති ශ්‍රී ඥාණමෝලි ත්‍රිපිටකවාගීශ්වර සීනාදි කෝරළත්‍රයේ අධිකරණ සංඝනායක දරණාගම ඥානසිරි නාහිමියෝ සඳහන් කරති.

ඓතිහාසික ඉතිහාසයක් වසර 1500 ක් තිස්සේ අඛණ්ඩව රචනා කිරීම තුළින් අපගේ බෞද්ධ ඉතිහාසය නොනැසී අනාගත පරපුරට දායාද කිරීම අගය කළ යුතු බවත් අනුරාධපුර යුගයේදී මහානාම ස්වාමීන් වහන්සේ විසින් රචනා කළ මහාවංශය 1815 දක්වා අඛණ්ඩව රචනා කරමින් අප රටේ සමාජ තොරතුරු ආගමික පසුබිම, රාජ්‍ය පාලකයන් දේශපාලන තත්ත්වය එහි අන්තර්ගත කර ඇතැයිද උන්වහන්සේ සඳහන් කරති.

මෙමගින් අප රට තුළ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් පැවැති බවත් එවැනි ඉතිහාසයක් ලේඛනගත කිරීමේ අඛණ්ඩ ක්‍රියාවලියක් සිදුවීම විශ්මයජනක බවත් සඳහන් කරන ඥානසිරි ස්වාමීන් වහන්සේ එවැනි ක්‍රියාවලියක් යුනෙස්කෝ සංවිධානය විසින් ඇගයුමට ලක්කර ලෝක උරුමයක් බවට පත් කිරීම ගැන ශ්‍රී ලාංකිකයන් ලෙස අප නිහතමානීව ආඩම්බරයට පත්විය යුතු බවත් සඳහන් කරති.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment