අස්වැසුම නව ගැසට්ටුව එයි

3226

සංශෝධනයට ලක් කරන ලද අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය ගැසට් කර ඇත.

ඒ අනුව මින් පෙර දුප්පත් පවුල් සඳහා ගෙවනු ලැබූ දීමනාව රුපියල් 8500 සිට රුපියල් 10,000 දක්වා ඉහළ නංවා තිබේ.

තවද අන්ත දිළිඳු පවුල් සඳහා ගෙවනු ලැබූ රුපියල් 15,000 දීමනාව ද රුපියල් 17,500 දක්වා ඉහළ නැංවීමටද පියවර ගෙන ඇත.

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලබන සමාජ කාණ්ඩ අතරේ සංක්‍රාන්තික වධානමට ලක්වූ සහ අන්ත දිළිඳු තැනැත්තන් සහා පවුල් 480,000ක් සඳහා පිළිවෙලින් රුපියල් 5000 සහ 1700ක මාසික සුබසාධක ප්‍රතිලාභ දීමනාවක් ගෙවීමට නියමිතය.


advertistmentadvertistment