ගිනස් වාර්තාවකටත් ඉල්ලුම් කරයි

ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ වනජීවී සහ කලාත්මක ඡායාරූප ශිල්පියකු සහ ජාත්‍යන්තර ඡායාරූප තරග තීරකයකු වන ආචාර්ය පණ්ඩුල බණ්ඩාර මහතා ඉකුත්දා පැවති 10th German International Photocup-2025 තරගයේදී රන් පදක්කමක් දිනාගනිමින් ඡායාරූපකරණය සඳහා ජාත්‍යන්තරයෙන් පිරිනැමෙන රන් පදක්කම් 1000 ක සීමාව සනිටුහන් කළේය.

ආචාර්ය පණ්ඩුල බණ්ඩාර ඡායාරූපකරණයේ ජාත්‍යන්තර රන් පදක්කම් 1000 සම්පූර්ණ කරයි
ආචාර්ය පණ්ඩුල බණ්ඩාර ඡායාරූපකරණයේ ජාත්‍යන්තර රන් පදක්කම් 1000 සම්පූර්ණ කරයි

මෙය ශ්‍රී ලංකාවේ නව වාර්තාවක් වන අතර ආසියානු කලාපයේම සහ ලෝකයේම වාර්තාවක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇතැයි විචාරකයෝ පවසති.

මේ දක්වා රන්, රිදී, ලෝකඩ සහ මෙරිට් (රිබන්) යන අංශවලින් ඡායාරූපකරණය සඳහා පදක්කම් 3600 ක් ලබා ඇති ආචාර්ය පණ්ඩුල බණ්ඩාර ලෝකයේ එවැනි පදක්කම් ප්‍රමාණයක් ලැබූ පළමු ඡායාරූප ශිල්පියා බවට පත්ව ඇත.

එසේ හෙයින් ගිනස් වාර්තාවක් ද වන මෙම පදක්කම් ලබාගැනීම නිසා පවතින ගිනස් වාර්තාව අලුත් කිරීමට තමන්ට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ආචාර්ය පණ්ඩුල බණ්ඩාර මහතා විසින් එකසත් රාජධානියේ පිහිටි ගිනස් වාර්තා කාර්යාලයට ලිඛිත ඉල්ලීමක් කරනු ලැබ ඇත.

යුද හමුදා කපිතාන්වරයකු ලෙස වසර 7 ක් ක්‍රියාන්විත රාජකාරියේ යෙදී ඇති පණ්ඩුල බණ්ඩාර මහතා 1997 වසරේදී හමුදාවෙන් ඉවත්ව 2017 වසරේ පටන් නවක ඡායාරූප ශිල්පියකු ලෙස ඡායාරූපකරණය ආරම්භ කළ අයෙකි. අනතුරුව ඔහු ඡායාරූපකරණය සඳහා වන ආචාර්ය උපාධියක් ද ලබාගත්තේය.


advertistmentadvertistment