ආණ්ඩුවේ නි.ඇමැතිකෙනෙක් නාමල් රාජපක්ෂට මරණ තර්ජන කරලා- මන්ත්‍රී ඩී.වී. චානක

470

ජාතික ජන බලවේගයේ නියෝජ්‍ය ඇමැතිවරයෙකු විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට මරණ තරජන එල්ල කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කළේ ඊයේ පැවති පාර්ලිමේන්තු සභාවාරයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඩී.වී.චානක මහතා මෙසේ ද පැවසීය.

“අපි දැක්කා දිගටම මර්දනය. අපි දැක්කා දිගටම තර්ජනය. මේ ආණ්ඩුවේම නියෝජ්‍ය ඇමැතිවරයෙක් කියනවා නාමල් මන්ත්‍රීතුමාට ගමට ගියොත් යන්න වෙන්නේ වළට කියලා. මේ මොකක්ද තර්ජනය. එක පැත්තකින් රටේ වෙන සියලුම පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව බෝලේ පාස් කරනවා රාජපක්ෂවරුන්ගේ පැත්තට. අනිත් පත්තෙන් නියෝජ්‍ය ඇමැතිතුමා සෘජුවම මරණ තර්ජනය කරනවා වළට තමයි යන්න වෙන්නේ කියලා. මේක පැලවත්තෙන් කරපු ප්ලෑන් එකක්ද?

මාධ්‍යය ප්‍රශ්න කරනවා නාමල් රාජපක්ෂ මහත්තයා ගමින් ගමට යනවා කියලා. එතකොට ඇමැතිතුමා කියනවා ගමට නෙවෙයි එතුමාට යන්න වෙන්නේ වළට කියලා. මේවා තමයි තර්ජනය. එදා ජනතා විමුක්ති පෙරමුණේ ගති එළියට එනවා. ඒ මිලේච්ඡ් ගතිය, මිනීමරු ගතිය හිටපු ගමන් එළියට පනිනවා.

ඉතින් අසාර්ථක වෙනකොට මේගොල්ලන්ගේ උත්සාහය තමයි විපක්ෂයේ මන්ත්‍රීවරු මර්දනය කරන්න.


advertistmentadvertistment