ආදිවාසී නායකතුමාගේ මඟ පෙන්වීමෙන් සැමියා අහිමි වූ දඹානේ දරු පවුලකට මහියංගණ පොලිසියෙන් නව නිවසක්

156

දඹානේ අසරණ දරු පවුලක් සඳහා මහියංගණ පොලිසියෙන් නව නිවසක් සාදා පිරිනැමීම පසුගිය වෙසක් පුන් පොහෝදා සිදුවිය.

පියා මියගොස්, වැඩිවියට පැමිණි දියණියක් සිටි කටුමැටි ගැසූ නිවස පසුගිය වර්ෂා සමයේ වර්ෂාවට සේදී ගොස් කොටසක් පෙරළීමෙන් මව සහ දියණිය අන්ත අසරණ භාවයට පත්විය. එම අසරණ දරු පවුල වෙනුවෙන් ආදිවාසී නායකතුමන්ගේ මැදිහත් වීමෙන්, මහියංගණ පොලිසියේ ස්ථානාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නව නිවසක් සාදා පසුගිය වෙසක් පොහොය දින එම නිවස අසරණ දරු පවුල වෙනුවෙන් භාරදීම ආදිවාසී නායකතුමන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් විසින් සිදු කෙරිණ.

ආදිවාසී නායකතුමාගේ මඟ පෙන්වීමෙන් සැමියා අහිමි වූ දඹානේ දරු පවුලකට මහියංගණ පොලිසියෙන් නව නිවසක්

එම දරු පවුලේ සැමියා දරුවන් ඉතා කුඩා කාලයේදීම අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇත. මෙම සත්කාර්යට මහියංගණ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඩබ්ලිව්. සී. ආර්. වික්‍රමරත්න මහතා හා නිලධාරී මණ්ඩලය මැදිහත් විය. එලෙස ඉදිකරනු ලැබූ නව නිවස ඉකුත් 12 දාට යෙදුණු වෙසක් පුන් පොහොයදා ඉහත කී දරු පවුලට පරිත්‍යාග කෙරිණ.

පොලිසිය විසින් සාදා නිමකර දුන් නිවසේ වටිනාකම ලක්ෂ 05කට අධිකය. ශ්‍රම දායකත්වය පොලිස් නිලධාරීන් හා බහුකාර්ය සංවර්ධන සහායකයන් විසිනි.

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කන්දේවත්ත යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් හා උපදෙස් මත නිවස කඩිනමින් ඉදි කෙරිණ.

ආදිවාසී නායකතුමාගේ මඟ පෙන්වීමෙන් සැමියා අහිමි වූ දඹානේ දරු පවුලකට මහියංගණ පොලිසියෙන් නව නිවසක්

නිවස විවෘත කිරීම සඳහා ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් හා මහියංගණ සහකාර පොලිස් අධිකාරී පී. ඩබ්ලිව්. එස්. බී. පලිපාන මහතා, මහියංගණ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඩබ්ලිව්. සී. ආර්. වික්‍රමරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් එක්වී සිටියේය.

මහියංගණ – රංජිත් කරුණාවීර


advertistmentadvertistment