ආර්ථික වැඩපිළිවෙළක් නැති අය විවාදයට බය වෙලා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

49

ආර්ථික කණ්ඩායම් අතර විවාදයට බය වෙලා ඉන්නේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් සහ කණ්ඩායමක් නැති බියගුලු පිරිසක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බංකොලොත් රටේ අප යා යුතු ගමන් මාර්ගය, දර්ශනය, වැඩපිළිවෙළ ගැන විවාදයක් හා ප්‍රශස්ත සාකච්ඡාවක් තිබිය යුතු බවත් එමඟින් අදහස් හා යෝජනා හුවමාරු කර ගත හැකි බවත් සෑම දෙනකු ළඟ ම හොඳ හොඳ අදහස් ඇති නිසා එම අදහස් හා යෝජනා වාද විවාදයට ලක් කර සාකච්ඡා කර යෝජනා ඉදිරිපත් කර මහජන විවාදයක් ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (30 දා) හම්බන්තොට මුල්කිරිගල වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 209 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. තමා ඇතුළු පිරිස වාද විවාදවලින් පැන නොයන බවත් ආර්ථික දර්ශනයක්, කණ්ඩායමක්, වැඩපිළිවෙළක් නොමැති අය එවැනි විවාදවලින් පැන යන බවත් එසේ ආර්ථික කණ්ඩායමක් වැඩපිළිවෙළක් නොමැති අයට ආර්ථික කණ්ඩායමක් හා වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට උපකාරී කළ හැකි නිසා ආර්ථික කණ්ඩායම්වල විවාදයට සහ නායකයන්ගේ විවාදයට එකවර දින දෙකම තීන්දු කරනා ලෙස අවසාන වතාවට කියනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මුලින්ම නායක විවාදය: හාද බෑද කෙළින් කියන්න – අනුර කුමාර දිසානායක

ආර්ථික වැඩපිළිවෙළක් නැති අය විවාදයට බය වෙලා - විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

විධායක බලය තමයි ජනාධිපති සතු පරම බලය සියලු ආර්ථික හා දේශපාලන ක්‍රියා මාර්ග තීරණය කරනුයේ ආර්ථික කමිටු නොව විධායක ජනපති බලයයි. ඒ හෙයින් පළමුව විවාදය තැබිය යුත්තේ නායකයන් අතර මිස ආර්ථික කමිටු අතර නොවේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

එම නිසා එම විවාදයට බැරි නම් බෑ හා නම් හා යැයි කෙළින්ම කිය යුතු යැයි ද දිසානායක මහතා කීවේය.

ආර්ථික කමිටු ඉදිරිපත් කර ඇති ලියවිල්ල සජිත් ප්‍රේමදාස මහතාගේ උපදේශකයෙක් වන නාලක

ගොඩහේවා ප්‍රතික්ෂේප කර ඇති බවත් ඊට සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනක් නොමැති බව කියවෙන හෙයින් එවැනි අනුමැතියක් නැති ලියවිල්ලක් සමඟින් විවාද කර පළක් නැති බවත් ඔහු කීය.

ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment