ආසියානු යොවුන් මලල ක්‍රීඩාවෙදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

44

සෞදි අරාබියේ දමාම් නුවර පැවැත්වෙන 6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමිවේ .
ඒ , වයස අවුරුදු 18න් පහළ තුන්පිම්ම පිරිමි ඉසව්වේදී ශ්‍රී ලංකාව වෙනුවෙනි .එම ඉසව්වට සහභාගී වූ ජනිත් ලක්ෂාන්ට එය හිමිව තිබේ .
එහිදි ඔහු මීටර් 15.10ක දක්ෂතාවක් දැක්වීමට සමත්ව තිබේ.එම ඉසව්ව නියෝජනය කළ සසිදු හංසන ජයසිංහට 7 වැනි ස්ථානයට පත්විය.

ඔහු ගේ දක්ෂතාවය මීටර 15යි දශම 1යි 0 ක් ලෙස සටහන් විය .

එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ චීනයේ දොං සියුඈන් ට හිමි විය .ඔහු පෙන්නුම් කල දක්ෂතාවය මීටර 15යි දශම 5යි 3කි.
චීනයේම මාබෝ යු ට ලෝකඩ පදක්කම හිමි වූයේ , මීටර 14යි දශම 9යි 7ක දක්ෂතාවයක් පෙන්වමිනි .


advertistmentadvertistment