ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් සෞදි අරාබියාවේ දී දැන් ක්‍රියාත්මක 06 වැනි ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ ආරම්භක දිනය වූ පෙරේදා (15 දින) රිදී පදක්කමක් දිනා ගනිමින් කැපී පෙනෙන්නට ජනිත් ලක්ෂාන් ජෙන්කින්ස් සමත් වූයේය.
බාලක තුන් පිම්ම ඉසව්වේ දී මීටර් 15.10 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් මෙවර තරගාවලියේ පළමු පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ඉගෙනුම ලබන ජනිත් ලක්ෂාන් ජෙන්කින්ස්ට හැකියාව ලැබිණි. මෙම දක්ෂතාවය 06 වැනි හෙවත් අවසන් උත්සාහය තුළ සටහන් කිරීමට සමත් වීම ඉහළ අගයක් ගත්තේය.
මීටර් 15.53ක දක්ෂතාවයක් දක්වමින් එකී ඉසව්වේ රන් පදක්කම සහ ලෝකඩ පදක්කම (මීටර් 14.97) චීනය නියෝජනය කළ ක්‍රීඩකයන් දෙපළ තහවුරු කර ගැනීම ද කැපී පෙනුණි. රන් පදක්කම්ලාභී ඩොන් ෂියුවාන්ගේ අති සාර්ථක උත්සාහය ද 06 වැනි වටයේ දී සටහන් විය.
මෙවර තරගාවලියේ තෙවන දින තරග අද (17) ක්‍රියාත්මක කෙරෙන අතර එය හෙට (18) සවස නිමාවට පත් කෙරේ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර