ඇණ තුඩු පුවරුවක් මත සැතපී කොන්කී‍්‍රට් කැට 35 ක් කඩා වරායේ ජනක නව ලෝක වාර්තාවක් පිහිටුවයි

354

අඟලේ පරතර ඇතිව සකස් කළ ඇණ තුඩු පුවරුවක් මත සැතපී තත්පර 54.97 ක් තුළ කොන්කී‍්‍රට් කැට තිස්පහක් කුළුගෙඩික ගසා කඩා දමා නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ සේවයේ නියුතු ජනක කාන්චන මුදන්නායක මහතා ඊයේ (22 දා) සමත් විය. ජනක මුදන්නායක මහතා ’ඊයේ එසේ පිහිටුවන ලද්දේ සිය හත්වන ගිනස් වාර්තාව වන අතර ඔහු මීට පෙර නොයෙක් අංශවලින් ගිනස් වාර්තා 6 ක් පිහිටුවා ඇත.

ඇණ තුඩු පුවරුවක් මත සැතපී කොන්කී‍්‍රට් කැට 35  ක් කඩා වරායේ ජනක නව ලෝක වාර්තාවක් පිහිටුවයි

කොළඹ වරාය චෛත්‍ය අසල ්01 දොරටුව අසල විශේෂ පීඨිකාව අභියසදී සිය සහෝදර සේවක පිරිසගේ ඔල්වරසන් හඬ මධ්‍යයේ ඔහු මෙම වාර්තාව පිහිටු වූවේය. මෙම අවස්ථාව සඳහා කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු ආරාධිත පිරිසක් ද එක් වූහ.

ගිනස් කමිටුව සමග මෙම ඉසව්ව සඳහා සම්බන්ධිකරණය කරන ලද ආගමන විගමන නිලධාරි ඉන්දික ජයලත් මහතා ඒ පිළිබඳ මෙසේ ‘දිවයින’ට පැවසීය. මෙහි මුල් වාර්තාව ජැමයිකා, ජපන් දෙදෙනකු පිහිටුවා තිබුණා. විනාඩියක් තුළ කොන්කී‍්‍රට් කැට 28 ක් කඩා දමා ලෝක වාර්තාව පිහිටුවා තිබුණා. තත්පර පනස් හතරයි දශම නවයයි හතක් (54.97) තුළ කොන්කී‍්‍රට් කැට 35 ක් කඩා ජනක නව වාර්තාවක් තැබුවා. ජාත්‍යන්තරව පිළිගත් ආයතනවල සහතික කළ නිර්දේශ මත මේ සියලූ දේ කි‍්‍රයාත්මක කළ බව ද ඒ මහතා පැවසීය.

ඇණ තුඩු පුවරුවක් මත සැතපී කොන්කී‍්‍රට් කැට 35  ක් කඩා වරායේ ජනක නව ලෝක වාර්තාවක් පිහිටුවයි

එහිදී කී‍්‍රඩා අමාත්‍යවරයා විසින් ජනක කාන්චන මුදන්නායක මහතා වෙත සුබ පැතුම් සමරු ඵලකයක් සහ ව්‍යාපාරික තක්ෂිල පේමසිරි මහතා රුපියල් ලක්‍ෂයක චෙක්පතක් ද ප‍්‍රදානය කරන ලදී. මහනුවර මිස්ට මැක් ආයතන ප‍්‍රධානි සංජීව සුරවීර මහතා ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය ලබාදී ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරි තනුර වික‍්‍රමසිංහ යන මහත්වරු ඇතුළු පිරිස විනිශ්චය සඳහා එක්විය.

ජනක මහතාගේ කී‍්‍රඩා උපදේශක මධ්‍යම පළාත් අධ්‍යාපන කී‍්‍රඩා අධ්‍යක්‍ෂ අතුල ජයවර්ධන, ටිෂූ ගෝමස්, දන්ත වෛද්‍ය මුක්තාර් යන මහත්වරු ඇතුළු ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් හා සේවක පිරිසක් ද එක් වූහ.

නිමල් දයාරත්න
පිංතූර – නිමල් දයාරත්න


advertistmentadvertistment