යුද වාතාවරණයක් ඇතිවුවහොත් ට්‍රම්ප් පරිපාලනය සමග සමීපව කටයුතු කිරීමට ඉන්දියාව හා පාකිස්තානය පිළිවෙළින් මසකට ඩොලර් ලක්ෂ එකහමාර හා දෙක බැගින් ගෙවීමේ පොරොන්දුවට ඇමරිකානු නියෝජිතයින් සමග ගිවිසුම් ගත වී තිබේ.
ඉන්දියාව ගිවිසුම් ගතව ඇත්තේ ජනපති ට්‍රම්ප්ගේ දිගුකාලීන උපදේශකයකු වන ජේසන් මිලර් සමගය. ඔහු ධවල මන්දිරයේ ද සේවය කර තිබේ. මොහුට මාසිකව ඩොලර් ලක්ෂ එකහමාරක් ගෙවීමට දිල්ලි ආණ්ඩුව පොරොන්දු වී තිබේ.
පාකිස්තාන රජය ට්‍රම්ප් පරිපාලනට සම්බන්ධව සිටි කීත් ශිලර් හා ජෝර්ජ් ශෝරියල් යන දෙදෙනා තම රජය හා වොෂින්ටනය සාමග එක්ව ගනුදෙනු කිරීම සඳහා මසකට ඩොලර් ලක්ෂ දෙක බැගින් ගෙවීමේ පොරොන්දුවට ගිවිසුම් ගතව තිබේ.
මේ නියෝජිතයින් හරහා ට්‍රම්ප් පාලනය තමන්ට වාසිදායක ලෙස තබා ගැනීම දෙරටේ ම අභිලාෂය වී තිබේ.
චතුර පමුණුව