ඇමරිකාවේ මිනීමැරුම් සංස්කෘතියක් බිහි කළා – ට්‍රම්ප්ගෙන් සංක්‍රමණිකයන්ට චෝදනා

299

ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ සිටින මිනීමැරුම් චෝදනා පවතින සංක්‍රමණිකයන් දහස් ගණනක් සිය නරක ජාන උපයෝගී කරගෙන මිනීමැරුම් සංස්කෘතියක් එරට ව්‍යාප්ත කර ඇති බව එළඹෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක මෙන්ම හිටපු ජනාධිපතිවරයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

පෙරේදා (07දා) ඇමරිකානු ගුවන් විදුලි සේවයක් හා පැවැත්වූ සම්මුඛ සාකච්ජාවකදී හිටපු ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ මිනීමරු ඉතිහාසයක් ඇති සංක්‍රමණිකයන් 13,000ක් මේ වන විට දේශසීමා හරහා ඇමරිකාවට ඇතුළු වී සතුටින් ජිවත් වන බවත් ඔවුන් නිසා ඇමරිකාවේ මේ වන විට මිනීමැරුම් සංස්කෘතියක් ව්‍යාප්ත වී ඇති බවයි. ‘අප රටේ නරක ජාන බොහොමයක් පවතිනවා’ යැයි පවසා ඇති ට්‍රම්ප් සිය ප්‍රතිවාදියා වන ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව වන උප ජනාධිපතිනි කමලා හැරිස්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තීන් දැඩි ලෙස විවේචනය කර තිබේ.


advertistmentadvertistment